Monday, February 02, 2026
Follow Us
තුල්හිරිය හා පූගොඩ පේෂ කර්මාන්තශාලාවල රැකියා අහිමි වූ සේවකයින්ට වන්දි
තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් 15 දෙනෙකුට වන්දි සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය හා පූගොඩ පේෂකර්මාන්තශාලාවල රැකියා අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයින් 169 දෙනෙකුට ගෙවීම් සිදු කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගම වසා දැමීම හේතුවෙන් අගතියට පත් සේවකයින්ට වන්දි හා අනෙකුත් ව්යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස පියවර ගෙන ඇති අතර, එලෙස වන්දි ලබා නොගත් තවත් සේවකයින් 15 දෙනෙකු සිය වන්දි හිමිකම් ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
 
එසේම, ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්තශාලාවල සේවය කළ 1978දී රැකියාව අහිමි වූ සේවකයින්ට වන්දි ගෙවීම සඳහා 2025-05-26 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී ලබා දෙන ලද අනුමැතිය පරිදි මේ වන විට සේවකයින් 1,656 ක් සඳහා ගෙවීම් සිදු කර තිබේ.
 
මුල් අවස්ථාවේදී ඉදිරිපත් වී නොමැති තවත් සේවකයින් 169 දෙනෙකු මේ වන විට සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇත.