ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති 2025‑2034 දිගුකාලීන සම්ප්රේෂණ සැලැස්ම තුළ සම්ප්රේෂණ සංවර්ධන ව්යාපෘති කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර, ඒවා ප්රමුඛතා පදනම මත ක්රියාත්මක කිරීමට නියමිතයි
ඒ අනුව නොරොච්චෝලේ - වාරියපොළ සම්ප්රේෂණ සංවර්ධන ව්යාපෘතිය දිවයිනේ වයඹ ප්රදේශයේ ඇති පුනර්ජනනීය බලශක්ති මූලාශ්රයන් ප්රයෝජනයට ගැනීම පිණිස ක්රියාත්මක කිරීමට නියමිත ප්රමුඛතා ව්යාපෘතියක් ලෙස හඳුනා ගෙන තිබේ.
වයඹ ප්රදේශය තුළ මෙගාවොට් 750ට වැඩි පුනර්ජනනීය බලශක්ති විභවයක් පවතින බවට ඇස්තමේන්තු කර ඇති අතර, එම ප්රදේශයේ පවතින විචල්ය ස්වභාවයෙන් යුතු පුනර්ජනනීය බලශක්ති මූලාශ්රයන් ජාතික විදුලිබල පද්ධතිය වෙත ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලසීමට ප්රධාන සම්ප්රේෂණ ජාල පද්ධතියක් ස්ථාපිත කිරීම සහ පුත්තලම අවට ඇති තොග විදුලි උත්පාදනයන් සම්ප්රේෂණය කිරීම මඟින් සම්ප්රේෂණ ජාලය තුළ අධිභාර අවහිරතාවන් අඩු කිරීම මෙම යෝජිත සම්ප්රේෂණ සංවර්ධන ව්යාපෘතියේ පරමාර්ථ වේ.
යෝජිත ව්යාපෘතිය යටතේ ඉදිකිරීම් සඳහා වන ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 24.06ක් වන අතර, මධ්යකාලීන අයවැය රාමුව තුළ එම ව්යාපෘතිය ක්රියාත්මක කිරීම ජාතික ක්රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ. ව්යාපෘතිය සඳහා අවශ්ය අරමුදල් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් සලසා ගැනීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව, නොරොච්චෝලේ ‑ වාරියපොළ සම්ප්රේෂණ සංවර්ධන ව්යාපෘතිය ක්රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්ය අරමුදල් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් සලසා ගැනීම සඳහා වන ඉදිරි පියවර ගැනීමටත් බලශක්ති අමාත්යවරයවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.