Monday, November 10, 2025
Follow Us
උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2362කදී අදින් ඇරඹේ

2025 අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර (උසස් පෙළ) විභා­ගය දිවයින පුරා මධ්‍ය­ස්ථාන 2362කදී අදින් (10) ආරම්භ වේ.

විභා­ගය ආරම්භ වීමට නිය­මිත වේලා­වට පැය­කට පෙර සිය­ලුම අයැ­දු­ම්ක­රු­වන් තමන්ගේ විභාග මධ්‍ය­ස්ථා­න­යට පැමි­ණිය යුතු බවත් මෙවර අයැ­දු­ම්ක­රු­වන් 340521 දෙනකු පෙනී සිටින බව   විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා කුමාරි ලිය­නගේ මහ­ත්මිය විභාග දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (09) සවස පැවති මධ්‍ය හමු­ව­කදී ප්‍රකාශ කළාය.

මෙවර විභා­ග­යට පාසල් අයැ­දු­ම්ක­රු­වන් 246,521ක් සහ පෞද්ග­ලික අයැ­දු­ම්ක­රු­වන් 94,000ක් පෙනී සිටි­න අතර විභාග කට­යුතු සම්බ­න්ධී­ක­ර­ණ­යට මධ්‍ය­ස්ථාන 325ක් සහ ප්‍රාදේ­ශීය එකතු කිරීමේ මධ්‍ය­ස්ථාන 32ක් ස්ථාපිත කර තිබේ.

අදින් ආරම්භ වන විභා­ගය දෙසැ­ම්බර් මස 05 වැනිදා අවසන් වේ.