Monday, February 02, 2026
Follow Us
උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නිවේදනයක්
සියලූම පළාත් අධ්යාපන අධ්යක්ෂ, කලාප අධ්යාපන අධ්යක්ෂ, ප්රාදේශීය එක්රැස් කිරීමේ මධ්යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
 
මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය නිසා අ.පො.ස. (උ.පෙල) 2025 විභාගයේ 2025.11.27 හා 2025.11.28 දෙදින පැවැත්වීමට නියමිත විෂයයන් නොපැවෙත්වෙන බවත් එම විෂයයන් පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දී තිබේ.

විභාග සම්බධීකරණ මධ්යස්ථානයන්හි තිබෙන ප්රශ්න පත්රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසත් වැඩිදුරටත් විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කරයි.