පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු නොකරන රාජ්‍ය අමාත්‍යවරුන් මාස 06 කින් එම තනතුරුවලින් ඉවත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ රජයෙන් ඉල්ලීමක් කරනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 37 දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනු ලැබුවේ පවතින අර්බුද හමුවේ රට ගොඩනැංවීම සඳහා බවයි.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.
අපනයනය සඳහා කංසා නීතිගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ ඔස්සේ ලබන වසරේදී විශාල ඩොලර් ආදායමක් රටට උපයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.
වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් දෙපාර්ශ්වය අතර කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. ඊයේ විපක්ෂය නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු අද මේ බව සඳහන් කළේය.
මේ සති අන්තයේ එනම්, අද (10) සහ හෙට (11) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි
ශ්‍රීලංකාව බරපතල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී ශ්‍රීලංකාව නියෝජනය කරමින් විදේශ රටවල තානාපතිවරුන් ලෙස සේවය කරන හා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරීන් එම රටවල තමන් වාසය නිවාස සඳහා අධි සුඛෝපභෝගී නිවාස භාවිතය එලෙසම සිදු කර ගෙන යාම බරපතල ගැටළුවක් බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000 ක් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාව, නිවැරදි නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. එම විගණන වාර්තාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම වාර්තාව නිවැරදි නොවන බවට අමාත්‍යංශයේ නිලධාරීන් තමන් වෙත දැන්වූ බවයි.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
මේ වන විට රට තුළ පවතින ගල් අඟුරු තොගය විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් වන්නේ ඔක්තොම්බර් 15 වනදා දක්වා පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
Page 141 of 647