Tuesday, February 10, 2026
Follow Us
විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට

විදෙස් ශ්‍රමිකයන්ට ප්‍රණාමයක්


මේ වසරේ ජුලි මාසය හා සැසදීමේදී අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16.4කින් ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඒ අනුව ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 279ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇතැයි ඔහු සිය ට්විටර් ගිණුමේ.සටහන් කර ඇත

මේ ආකාරයට ශ්‍රී ලංකාවට ප්‍රේෂණ එවීමට කටයුතු කළ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ස්තූතිය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Aruna