මාසික විදුලි බිල දරාගත නොහැකි නම් ඊට විසඳුම බිල් ගෙවීම පැහැර හැරීම නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
රාජ්‍ය නිලධාරීන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ චක්‍රලේඛය 14 නිකුත් කෙරුණා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ විසින්.
සත්ව ආහාර සඳහා සහල් භාවිතා කිරීම තහනම් කරමින් පනවා ඇති ගැසට් නිවේදනය ඉවත් කළයුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අලි ඇතුන් අලුතින් ලියාපදිංචි කිරීම වළක්වාලීම සඳහා වනජීවී අමාත්‍යවරයා විසින් මෑතකදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අදාලව නිකුත් කර ඇති තහනම් නියෝගය නොවැම්බර් මස 4 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
සංචාරක කර්මාන්තය ඔස්සේ රටට වැඩි වැඩියෙන් ඩොලර් ආදායම් ඉපයීම සඳහා සැලසුම් ගණනාවක්ම තමන් සතු බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
Services of the Verification and Attestation units of the Consular Affairs Division of the Ministry of Foreign Affairs, Colombo 01 and its Regional Offices in Jaffna, Trincomalee, Matara, Kandy, Kurunegala, will be suspended until further notice, due to a computer system breakdown.
සහල් ආනයනය කිරීම ක්‍රමානුකූලව අඩුකර, සම්පූර්ණයෙන්ම නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරු 38 දෙනෙකු පත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊයේ දිනැතිව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයායි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මියගිය, සදාකාලික ආබාධිත තත්වය පත්වූ සහ තුවාල ලැබූ අයට වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම් 107ක් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඊයේ (13) කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
භාණ්ඩ 305 ක් ආනයනය සීමා කරමින් ඉකුත්දා රජය නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව එම ගැසට් නිවේදනයේ සදහන් වූ සුවද විලවුන්, හුණුගල්, පයිප්ප බට හා ඊට සම්බන්ධ සෙසු සියලු ප්ලාස්ටික් භාණ්ඩ ඇතුළු නානකාමර කට්ටල හා උපාංගවලට පනවා තිබූ තහනම නව සංශෝධනය යටතේ ඉවත් කර ඇති භාණ්ඩ අතරට අයත්.
සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරනු ලබන දිනය බැවින්.
තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය මාස හයකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කාඩ්පත් තොග අවසන් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
Page 129 of 637