චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා. එම වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසයි.
දුම්රිය ගාස්තු ඉහළ දැමුණද ඉන්ධන සදහා වැයවන මුදල මෙතෙක් ආවරණය කර ගැනීමට නොහැකි වූ බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනනවා.
මහ කන්නයේ වගා කරන ගොවීන් සඳහා මෙට්ට්‍රික් ටොන් 12,000 ක පොහොර තොගයක් තවත් සති කිහිපයකින් මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මේ වන විට තාවකාලිකව නතර කර ඇති මුල් ළමාවිය සංවර්ධන, පෙරපාසැල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩසටහන නොවැම්බර් මාසයේ සිට යළි ආරම්භ කිරීමට සියලු කටයුතු සකස් කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. ඇය පැවසුවේ එම වැඩසටහන අඛණ්ඩව සිදුකිරීමට ද සැලසුම් සකස් කරන බවයි.
COVID වසංගතයෙන් තර්ජනයට පත් ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය ආයෝජකයන්ගෙන් ආකර්ෂණය සහ පාරිභෝගික විශ්වාසය නැවත ලබා ගනිමින් ක්ෂේත්‍රය නැවත නඟාසිටුවීමට හැකියාව ඇති බවට සැකයක් නැත.
විවිධ ප්‍රකාශ නිකුත් වන තරම් රටේ මන්දපෝෂණයක් නොමැතිබව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
Importation to be carried out through CPC; later private parties will be allowed
RPCs require 500,000 litres of glyphosate annually for tea alone
Page 128 of 642