Monday, February 09, 2026
Follow Us
සංචාරකයින්ට තෙල් කාඩ් එකක්

කෝටාවකින් තොරව අවශ්‍ය තරම් ඉන්ධන ලබා ගන්න ක්‍රමයක්


ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට බාධාවකින් තොරව මෙරට සංචාරය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට විශේෂ අවසර පත්‍රයක් හඳහන්වා දී ඇත.

ඒ අනුව ඕනෑම සංචාරකයකුට කටුනායක ගුවන් තොටුපොළ පිවිසුමේ සහ දිවයින පුරා පිහිටි සම්පත් බැංකු ශාඛා මගින් ඇමෙරිකා ඩොලර් 5ක් ගෙවා එම ඉන්ධන අවසර පත්‍රය ලබාගත හැකි අතර එමගින් කෝටාවකින් තොරව අවශ්‍ය තරම් ඉන්ධන ලබගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ සඳහන් කරයි.

දිවයිනපුරා පිහිටි ඛනිජ තෙල් සංස්ථාවට අයත් සහ ඉන්දියානු තෙල් සමාගමට අයත් පිරවුම්හල් 500කදී එම සේවාව ලබගත හැකි බව ද ඇමති කාංචන විජේසේකර කීවේය.

ඩයලොග් පී.එල්.සී සමාගම, සම්පත් බැංකුව, ඩයලොග්, සමාගමේ තාක්ෂණික සහකාර මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සමාගම එක්ව ටච් ෆුවල් ඉන්ධන අවසර පත්‍රය හඳුන්වා දී තිබේ.

අමෙරිකානු ඩොලර් 50ක අවම සහ ඩොලර් 300ක උපරිමයකට යටත්ව පිළිගත් විදේශ මුදල් එකකවලින් ගෙවා ඉන්ධන ලබැගැනීමට සංචාරකයන් එමගින් අවස්ථාව හිමිවේ.

Aruna