සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව අමතා සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.
විදේශවල ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන BUNGY JUMPING ක්‍රීඩාව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සැලසුම් කර තිබෙන ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
‘කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා’ යන තේමාව යටතේ රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය.
මේ යටතේ සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් හෝ පුද්ගලයන් , සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුභසාධන ප්‍රතිලාභ අපේක්ෂා කරන පුද්ගලයන්ට මෙම ප්‍රතිලාභ හිමි වන බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ වන විටත් ප්‍රතිලාභ අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර, එහි අවසන් දිනය ඔක්තෝබර් මස 15 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව ද සේමසිංහ මහතා පැවසීය.
සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගැනීමට අවස්ථාව තිබේ.
විදෙස් සංචාරකයින් සහ සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් වෙනුවෙන් විශේෂ ඉන්ධන අවසර පත්‍රයක් (Tourists fuel pass) හඳුන්වා දී තිබේ.
විරෝධතා උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීමේදී ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කළයුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
නවක වදය ලබාදෙන සිසුන්ට රජයේ විභාග හෝ රාජ්‍ය ආයතනවල රැකියා කිරීමට නොහැකි වන පරිදි පවතින නීති සංශෝධනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.
ඉදිරි දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි යන මාස වලදී ලෝකයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ, රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
Page 130 of 647