මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පෙරහැර නැරඹීමට එක් විය.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද (05) වීථි සංචාරය කරයි.
ගීත ක්ෂේත්‍රයට අදාළව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාළ සාකච්ඡාවක් අද (11) දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
2025 8වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ආදිත්‍යා වැලිවත්ත සමත්ව තිබේ.
ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම වෙනුවෙන් වසර 30කට පසුව පත්වන ජාතික තරුණ සංගමයේ සාමාජිකාවන්ට වෙනුවෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ වැඩසටහනක්.
දඹානේ ආදිවාසි ජනතාව විසින් දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මී පැණි පූජාව අද (04) දින ශ්‍රී දළදා මාලිගාවේදී සිදු විය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව තොතුරු හුවමාරු කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 66 වන රාජ්‍ය ඔසුසල - කෑගල්ල ශාඛාව අංක 152, නුවර පාර, කෑගල්ල. ස්ථානයේ දී අද ( 06) විවෘත කිරීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශෘල පිරිසක් ඊයේ (08) නුවරඑලියට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.
Page 52 of 764