Monday, January 19, 2026
Follow Us
බදුල්ලේ දීගල්ල සහ හැතැක්ම පානීය ජල ගැටලුව පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක්
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ දීගල්ල සහ හැතැක්ම ග්රාම නිලධාරී වසම්වල ජල ගැටලු පිළිබඳ ඒකාබද්ධ ක්ෂේත්ර පරීක්ෂණයක් පසුගියදා හාලිඇල ප්රාදේශීය සභා සභාපති සහ හාලිඇල ප්රාදේශීය ලේකම්ගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණ.

මෙම ගම්මානවල පවතින ජල මූලාශ්ර ආශ්රයෙන්ම පවතින ජල ගැටලු විසඳ ගැනීමට ඇති අවස්ථා මෙහිදී සාකච්ඡා වූ අතර, ජල පෝෂක ප්රදේශ සංරක්ෂණය, ආරක්ෂා කිරීම සහ පුළුල් කිරීමට අවශ්ය කටයුතු ඉදිරියේදී සිදුකිරීමට එහි දී තීරණය කෙරිණ.

මෙම ක්ෂේත්ර පරීක්ෂාව සඳහා ප්රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්රික් කාර්යාලයේ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී විය.