15 වන පරිසර සභාවේ 2025 - 2028 වර්ෂය සදහා සාමාජිකයින් ප්රථමවරට ඊයේ (09) රැස්විය.
ඒ එහි සභාපති ආචාර්ය පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන්.
මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආර්.එස්.පී.කේ.එම්. රාජපක්ෂ මහතා 15 වන පරිසර සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර පරිසර සභාවේ පළමු සභා වාරය සදහා පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි සහ නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් සහභාගී වූහ.
මෙම අවස්ථාවට මධ්යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා ද සහභාගී වූ අතර 15 වන පරිසර සභාව සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විතයි.