මිහින්තලේ පූජා නගර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාව පසුගිය දා පැවැති අතර ඒ මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත, පාර්ලිමේන්තු මන්ත්රි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ දි ය.
වප් පුර අටවක පොහොය ගැසට් කිරීම හා මිහිදු පරිනිර්වාණ පිංකම පැවැත්වීම සදහා අවශ්ය පහසුකම් සපයා දෙන ලෙස මෙහි දි මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ පැවසි ය. එසේම පූජා නගරයේ ස්ථාපිත අවිධිමත් වෙළඳසැල් සම්බන්ධ ඉදිරි කටයුතු කඩිනම් කිරිමත්, තේවා කටයුතු සක්රීයව සිදු කිරීමට අවශ්ය ප්රමාණයට පිරිස අවශ්ය බවත්, ආරක්ෂාව සදහාත් තවත් පොලිස් නිලධාරින් හෝ සිවිල් ආරක්ෂක අංශයේ නිලධාරින් අවශ්ය බවත් ප්රකාශ කලා. මිහින්තලා පූජා භූමිය පිරිසිදු කිරීමේ කටයුතු සදහා මේවන විට ප්රමාණවත් පිරිසක් සිටින බවත් ඒ සදහා ජනාධිපතිතුමා ඇතුලු පිරිසට ස්තුති වන බවත් උන්වහස්සේ වැඩිදුරටත් සදහන් කළේ ය.
2023 වර්ෂයෙන් පසුව පවත්වන රැස්විම මෙය බවත්, එම නිසා මෙවැනි කටයුතු සදහා ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත්, මෙවා රටේ උරුමයන් මිස අපි කාගෙවත් දේවල් නොවන බැවින් මේ සදහා ගැළපෙන සැලැස්මක් සහිතව කටයුතු කිරිම අනාගතයට යෝග්ය බවත් වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියා. පුජා නගරය සේම වානිජ නගරයත් මේ සමගම සංවර්ධනය කිරිම සිදු කළ යුතු බවත්, අවශ්ය සැලසුම් හැකි ඉක්මණින් ලබා දිම තුලින් මේ සදහා මුදල් සොයාගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය දෛනිකව සිදු කිරීම, දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව උදෙසා වැසිකිළි කැසිකිළි පද්ධතියක් ස්ථාපිත කිරීම,ප්රතිසංස්කරණය කරන ලද මිහිදු මහා සෑයේ කොත පැළැන්දවීම, දෙමහල් ධර්ම ශාලාවේ ඉදිරි සංවර්ධන කටයුතු, බැතිමතුන් සඳහා පොදු පහසුකම් සංවර්ධනය කිරීම ආදි කරුණු පිළිබදව ද මෙහි දී සාකච්ජා විය. පොහොය දිනට හෝ නිවාඩු දිනවලට නියමු වැඩසටහනක් වශයෙන් අනුරාධපුර මිහින්තලේ අතර දුම්රිය වාරයක් ගමන් කිරිමට ද මෙහි දි සාකච්ජා විය. එසේම මෙම රැස්විම මාස තුනකට වරක් වත් දිසාපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්විමට යෝජනා විය.
පිළිගැනීම හා අරමුණ පැහැදිළි කිරිම සිදු කළේ දිස්ත්රික් ලේකම් කේ.ජී.ආර්.විමලසූරිය මහතා විසිනි. මෙම කමිටුවේ දි සාකාච්ජා වු ඇතැම් කරුණු අදාල පාර්ශවයන් සදහා ලිඛිතව දන්වන බවත්, මේ සදහා අවශ්ය මැදිහත්විම සිදු කරන බවත් දිසාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රි භාග්ය ශ්රි හේරත් මහතා ඇතුලු දේශපානල අධිකාරියේ පිරිසක්, අනුරාධපුර අතිරේක දිස්ත්රික් ලේකම් සන්ධ්යා අබේසේකර, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රුචිර විතාන, මිහින්තලේ සහකාර ප්රාදේශිය ලේකම් කුමාර චන්ච්ද්රගුප්ත, පුරාවිද්යා, බෞද්ධ කටයුතු අදි මේ හා බැඳි රාජ්ය නිලධාරින් පිරිසක් එක්වුහ.