Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පවත්වන “කලාවැව ආයෙත් අලින්ට දෙමු,, වැඩසටහනට ඊයේ (05) ආරම්භ විය.
එය එලඹෙන 07 වනදා දක්වා ක්රියාත්මක යි. පාර්ලිමේන්තු මන්ත්රී තිළිණ සමරකෝන් මහතා හා ඉපලෝගම ප්රාදේශීය සභාවේ සභාපති ප්රසන්න මාකාවිට මහතා ඇතුළු දේශපාලන අධිකාරිය හා වනජීවි , ක්ලීන් ශිු ලංකා , ආරක්ෂක අංශ, ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් හා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වු 800ට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් වැඩසටහන ආරම්භ කෙරීණි. ජපන් ජබර ඇතුලු ආක්රමණික ශාක ඉවත් කිරිම යි , මෙහි දි සිදු කෙරෙන්නේ .
කලාවැව් පිටියේ තෘණ භූමිය ප්රථිස්ථාපනය කිරීමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය ක්රියාත්මක වේ. මෙහි දී ගල්ගොඩවල ප්රදේශයේ ඇති ජපන් ජබර ඉවත් කිරීමටත් මේ වනවිට කටයුතු සූදානම් කර ඇත. මෙම සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 2.00 දක්වා මම කටයුත්ත සිදුකිරීමට නියමිත අතර මේ සඳහා සහභාගී වීමට කැමති සහ සූදානම්ව සිටින සියළු දෙනා උදෑසන 7.00 - 8.00 අතර කාලයේ මෙම පිවිසුම් අසලට පැමිණෙන ලෙස සංවිධානයකින් දැනුම් දෙයි.
මෙම පරිසර සත්කාරය සඳහා 0701402330 යන දුරකතන අංකයට කතාකර මහජනතාවට සම්බන්ධ විය හැකි යි. පරිසර අමාත්යංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව , Clean Sri Lanka වැඩසටහන , ත්රිවිධ හමුදාව ඇතුලු රාජ්ය අනුග්රහයෙන් මෙම ක්රියාවලිය සිදුකෙරේ.