Over 50 hotels will be out of bounds for locals when Sri Lanka reopens its borders for tourists from 21 January.
බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ ඉදිරි සති දෙක තුළ මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වන බවයි.
උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් නිකුත් කර තිබේ.
Prime Minister Mahinda Rajapaksa had proposed in the 2021 Budget that the daily wage be increased to Rs.1000 from January this year.
ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණු පුද්ගලික බස් වර්ජනය සතියකින් කල්දැමූ බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
නිවෙස් නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක බව පොලිසිය පවසනවා. ඒ සදහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
Two Grama Niladhari Divisions in Minuwangoda Police and three Grama Niladhari Divisions in Matale police area have been declared as isolated areas with immediate effect, Army Commander Shavendra Silva said.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් හොරණ, බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්තශාලා තුනක් කොවිඩ් අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
ගතවූ සති තුනක කාලයේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙරටට පැමිණි එක්දහස් පන්සියකට අධික සංචාරකයන්ගෙන් ඇමරිකානු ඩොලර් විසිදෙලක්ෂ පනස් දහසකට වැඩි ආදායමක් ලැබී තිබේ.
A total of nine individuals including staff members and security personnel attached to Parliament had tested positive to Covid-19 so far, the Government Information Department said.
වන රක්‍ෂිතවල වගාකිරීමට ගොවීන්ට අවසර ලබාදුනහොත් මෙරට අනාගතය සහ කෘෂිකර්මාන්තයට බලපෑම් එල්ල වන බව පරිසරවේදීන් පවසනවා. ඊයේ මැදිරිගිරිය ප‍්‍රදේශයේ පැවති ගම සමග පිළිසදරක් වැඩසටහනේදීද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ මීට පෙර වගා කර ඇති රක්‍ෂිත ප‍්‍රදේශවල වගාකිරීමට ගොවීන්ට අවස්ථාව සලසා දෙන ලෙසයි.
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 193ක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයට මෙවර ශිෂ්‍යත්ව සමතුන් ඇතුලත් කර ගැනීමේ අවම ලකුණු සීමාව වන්නේ 192ක්.
කඵතර ඉදුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් 19 වසංගත මධ්‍යයේ වුවද පසුගිය වසරේ මුල් මාස අටේ දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදනය 2019 වර්ෂයට සාපේක්ෂව සියට 1.1 කින් වර්ධනය වීමෙන් මිලියන 649ක ආදායමක් ලැබී ඇත.
පාර්ලිමේන්තුවේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබේ.
The Ukraine Embassy has expressed concern to the Sri Lankan Government that many Ukrainian tourists are blocked in different hotels in Sri Lanka on the 14-day COVID-19 quarantine and are not allowed to leave their hotels even after this period despite repeated negative PCR tests.
තම සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිරෝධායන ක්‍රියාවලිය මඟහරිමින් සැඟවී සිටි බවට අසත්‍ය පුවත් නිර්මාණය කරමින් අපහාස කරන තැනට ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් පත්ව ඇති අතර ඔවුන් එසේ කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාවන් අනුව බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
Page 490 of 757