Sunday, July 12, 2026
Follow Us
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි අතර මුහුදු රළ ගොඩට පැමිණීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව ද ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

(Aruna)