Sunday, July 12, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා(21) දින පැය දහය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව උදෑසන 8.30 සිට පස්වරු 7.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බේරුවල, බෙන්තොට, බෝම්ඹුවල – පිලමිනාවත්ත, මග්ගොන සහ අලුත්ගම – දර්ගා නගරය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන ලැබේ

(Aruna)