නිරෝධායන නීති කඩ කරමින් උපන් දින සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කෙසේ නමුත් ඔහු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බැවින් ප්රකාශ සටහන් කර ගැනීමට තවදුරටත් ප්රමාද කිරීමට සිදුවන බවයි.
කොරෝනා ආසාදිත මරණ 47ක් වාර්තා වී තිබෙන බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
බලංගොඩ ඇඟලුම් කම්හලේ හපුතලේ පහළ පිටරත්මලේ කොවිඩ් පොකුර අද (07) වන විට ආසාදිතයින් 33ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන තිබෙනවා.
වර්ණ එකොළහකින් යුත් ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ඊයේ (07 වැනිදා) ක්රියාත්මක වීමත් සමග කොළඹට වාහන හැත්තෑ අටදහසක් (78000) පමණ ඇතුළු වී ඇති බව අනාවරණය විය.
මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්රාව පුද්ගලයින් 19,567 දෙනෙකුට ලබා දී තිබෙනවා.
The Excise Department has granted permission to facilitate the liquor sale in "Safe and Secure Level 1 Hotels" during the travel restrictions.
හෙට සහ අනිද්දා දිනවලදී යළිත් වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකිය.
While increasing the country's reliance on oxygen by 441%, Sri Lanka has risen to third place among South Asian countries in terms of COVID-19 patients, Executive Committee Member of the Government Medical Officers' Association (GMOA) Dr. Prasad Kolabage said.
The Yala National Park will open today for the French naval crew members who arrived in the country yesterday (7), the Wild Life sources confirmed.
කොවිඩ් වසංගත කාලසීමාවේ දී සියලු ශ්රේණිගත වෛද්ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනා මාස හතරක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර ඇත.
අද සහ හෙට දිනවල දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් සිදු විය හැකි බව කලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ ශානිකා දිසානායකගෙන්.
ගංවතුර උවදුරට මුහුණ පෑ ප්රදේශ වල එම ප්රදේශ වල ගං වතුර බැස ගිය පසු PCR පරීක්ෂණ සංඛ්යාව වැඩි කිරීමට ඉල්ලීමක් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්රාමික) සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි.
මෙතෙක් හුදෙකලා කර තිබුණු ග්රාම නිලධාරී වසම් 77ක් පවතින සංචරණ සීමාවන්ට යටත්ව හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් කොළඹ දිස්ත්රික්කයේ පදිංචිකරුවන් පිරිසකට ඊයේ (7 වැනිදා) ‘ඇස්ට්රාසෙනෙකා’ එන්නත් දෙවැනි මාත්රාව ලබාදීමට පියවර ගෙන ඇත.
දිවයිනේ පවතින අහිතකර කාලගුණ තත්ත්වය මත කුඩා ළමුන් අතර ශ්වසන රෝග පැතිරිය හැකි බව සෞඛ්ය අමාත්යාංශයේ නියෝජ්යය සෞඛ්ය අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා එන්නතේ දෙවන මාත්රා තොග මෙරටට ලබා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්රාව ලබාගත් පුද්ගලයින්ට ස්පුට්නික්, ෆයසිර් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත දෙවන මාත්රාව ලෙස ලබා දීමට මෙරට සෞඛ්ය අංශවල අවධානය යොමුව තිබෙනවා.
Page 437 of 769