ඉන්ධන මිල ඉහල දැමීම හරහා බස් කර්මාන්තයට තවත් බලපෑම් එල්ල වන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සිය සාමාජිකයින් රැස්වී බස් ගාස්තු වැඩි කළයුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.
අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදවා ඇති පෞද්ගලික බස් රථවල ගාස්තුව සම්බන්ධයෙන්ද හෙට දිනයේදී තීරණයක් ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඉහළ දමා ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. එමෙන්ම ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 07කින් සහ සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 12කින් ද ඉහළ දමා තිබෙනවා. භූමිතෙල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 07 කින්.
(Neth)