Wednesday, August 06, 2025
Follow Us
කාලගුණය යළි කැළඹෙයි - අදත් ප්‍රදේශ රැසකට වැසි

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකියි.

ඊයේ රාත්‍රී නවයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එහි අගය මිලිමීටර් 99 ක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ මුදුගමුව ප්‍රදේශයට මිලිමීටර් 78 ක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කීරගල ප්‍රදේශයට මිලිමීටර් 72 යි දශම 5 ක වර්ෂාපතනයක් ද ලැබී තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළව නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

(Neth)