ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කරන්නේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බවයි.
එම ලිපිය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වාදී ඇත්තේ මේ දක්වා ක්‍රි යාත්මක කළ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරමින් තිබෙන බවත් සංචරණ සීමා කඩිනමින් ඉවත් කළහොත් ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යා හැකි බවත්ය.
නිවසකින් පිටව යන පුද්ගලයින් අවම කරමින් සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාකළ යුතු අතර සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ විවෘතව ඇති ආයතන ආශ්‍රිතව පී.සී.ආර් පරීක්ෂණ ඉහළ නැංවිය යුතු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ කොවිඩ් ව්‍යාප්තිය බහුල රටවල හා මාරාන්තික, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවල සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා නොදිය යුතු බවයි.
සමාජය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා අහඹු ලෙස සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය ලිපියෙන් අවධාරණය කරයි.
(Lanka Leads)