තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම් මේ වන විට පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.
එම සමාගම් සදහන් කරන්නේ නිෂ්පාදන මිල ඉහළ යාම සහ මෙරට විදේශ විනිමය අනුපාතවල පහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදන සඳහා යන පිරිවැය වැඩි වී ඇති බවයි.
කෙසේ වෙතත් පාන්පිටි මිල ඉහළ දැමීම සදහා මෙතෙක් අවසර දී නොමැති බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි.
(Aruna)