කිරිපිටි ආනයනයේදී පනවා තිබූ ආනයන බදු ඉවත් කළද කිරිපිටි ආනයනය කළ නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. බදු ඉවත් කළද කිරිපිටි කිලෝ එකකින් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
ඊයේ (10) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2904ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.
රෝගීන්ගේ ප්‍රමාණය ඉතා වේගයෙන් වැඩි වෙමින් තිබෙන අතර එම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය කඩ වැටිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවාසිටියි.
තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉල්ලීම් ඉටුවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය පවසනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විරෝධතා ක්‍රියාමාර්ගය අත්හැර දැමුවද හෙට දිනයේදී සත්‍යග්‍රහයක නිරත වීමට තීරණය කර ඇති බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.
නැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල්වලදී කොවිඩ් රෝගීන්ට දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කිරීම වහාම ආරම්භ කරන ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අද නියෝග කර තිබෙනවා.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් නොගත් ජනතාව සදහා සැලසුම් කළ විශේෂ තුන් දින එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ වනවා.
දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2,500 සීමාව සහ මරණ 90 සීමාව ඉක්මවා වාර්තා වෙමින් ඇති පසුබිමක රටේ ඉදිරි සති 02ක කාලය ඉතා තීරණාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වනවාට වඩා දැඩි තීන්දු ගත යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් සංචරණ සීමා පැනවීම හෝ මේ මොහොතේ ක්‍රියාත්මක කළ යුතු බවයි.
SSP Kandy Division said steps had already been taken to provide adequate protection to the Perahera
State Minister of Production, Supply and Regulation of Pharmaceuticals Prof. Channa Jayasumana said the countries with advanced medical care such as the United States and the United Kingdom had not been spared by the Delta variant which hit the globe like a huge tornado, and asked how Sri Lanka alone could be safe.
මේ වනවිට මෙරට පැතිර යමින් තිබෙන කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය, චීනයේ වූහාන් නරගයේ පැතිර ගිය වෛරසයට සාපේක්ෂව දෙගුණයක් පමණ වන බව පරීක්ෂණයකදී හෙලි වී තිබෙනවා. විශේෂයෙන් ඩෙල්ටා වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග ව්‍යාප්තිය වඩාත් වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
While stressing that the COVID-19 situation in Sri Lanka is extremely grim, the Association of Medical Specialsts (AMS) called upon the Government to impose curfew as it is the only successful mean of curtailing people’s movement in the country.
Page 350 of 715