Wednesday, March 04, 2026
Follow Us
ශ්‍රී ලංකා -කොදෙව් ටෙස්ට් තරගයේ 03වන දිනය අදයි

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.

ඊයේ පස්වරුවේ වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ක් රැස්කරගෙන සිටියා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 204 ට පිළිතුරු ලෙසයි. කඩුලු 09 ක් අතැතිව සිටින කොදෙව් කණ්ඩායම ශ්‍රි ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 135 ක් පසුපසින් සිටිනවා. තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියීි.

(Neth)