Wednesday, March 04, 2026
Follow Us
පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි

පාසල් ළමුන් ප්‍රවාහනය ගැන ගත් තීරණය


පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා පෞද්ගලික සංගමය නිවේදනය කරයි.

මෙම වැඩි කළ ගාස්තු අයකිරීම ලබන මාසයේ සිට ක්‍රියාත්මක වේ

ඉන්ධන මිල ඉහළ යාම, වාහන නඩත්තු කටයුතුවල මිල ඉහළ යාම හා අමතර කොටස්වල මිල ඉහළ යාම වැනි ආර්ථික ගැටලු හමුවේ මෙම තීරණයට එළැඹුණු බව ප්‍රවාහන සේවා සංගමයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක එම්. සුසිල් ප්‍රේමරත්න මහතා පැවැසීය.

ගාස්තු වැඩි වීමේ උපරිමය දුර ප්‍රමාණ අනුව රුපියල් පන්සීයක් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය

(Aruna)