Wednesday, March 04, 2026
Follow Us
අදත් පළාත් කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


උතුරු පළාතේ උදෑසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකලපුව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

(Aruna)