Wednesday, March 04, 2026
Follow Us
ඌවේ මහජන පරීක්ෂකවරුන් කොවිඩ් රාජාකාරිවලින් ඉවත් වෙයි

ඌව පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එන්නත්කරණය හැර කොවිඩ් සම්බන්ධ සෙසු සියලු රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

සිය ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ඌව පලාත් සභාව මෙතෙක් විසදුම් ලබා නොදීම හේතුවෙන් තමන් අද සිට කොවිඩ් රාජකාරීවලින් ඉවත් වන බවයි බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් අසන්ක සම්පත් පැවසුවේ.

රට සාමාන්‍යකරණයට පත්වුවත් සිය නිලධාරීන්ට රාජකාරී වේලාවෙන් බැහැරව ද තවදුරටත් කටයුතු කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)