Wednesday, March 04, 2026
Follow Us
ගෑස් කාන්දුවීමකින් ආපන ශාලාවක ගින්නක්

දෙදරු මවකට බරපතළ පිළිස්සුම් තුවාල


ගෘහස්ථ ගෑස් කාන්දුවකින් ඇතිවූ විශාල ගින්නකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

කඩවත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුව ඇත්තේ පෑලියගොඩ පොලීසිය ආසන්නයේ ඇය පවත්වාගෙන ගිය ආපන ශාලාවේදීයි.

(Aruna)