සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය හිමි කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයා පිළිබඳ මේවනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් මෙරට තුළ පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා. එහි සාමාජික වෛද්‍ය ප්‍රසාද් රණවීර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ දීර්ඝ සතිඅන්තයේ ජනතා ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරි සති දෙකේදී පමණ දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යාමට හේතු වනු ඇති බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොණුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (19) අවසන් කළේය.
මෙරට දෛනික ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ ඩීසල් පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. විදුලි උත්පාදනයට, කර්මාන්ත සඳහා සහ රථවාහන සඳහා එම ඩිසල් යොදාගෙන ඇතැයි සඳහන්.
Page 319 of 764