Monday, May 04, 2026
Follow Us
සිමෙන්ති කොට්ට ලක්ෂ 02ක් හෙට දිවයිනට

ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති හිඟයක්


සිමෙන්ති කොට්ට ලක්ෂ 02ක් රැගත් තවත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවන බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් සඳහන් කළේ, පසුගිය සතියේ ද සිමෙන්ති කොට්ට ලක්ෂ 06ක් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණි බවයි.

කෙසේ වෙතත්, අධික ඉල්ලුම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති හිඟයක් වාර්තා වන බව ද ඔවුන් සඳහන් කළා.

නාගරික නිවාස ඉදිකිරීමේ කටයුතු මෙන්ම වෙනත් පෞද්ගලික අංශයේ ඉදිකිරීම්වලට තවදුරටත් වැඩි ඉල්ලුමක් පවතින බව ද සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා

(Aruna)