ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කළ "තුරුණු දම්සර" පොසොන් කලාපය ඊයේ (29දා) මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණි.
පොසොන් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන "ජාතික බාල දක්ෂ පොසොන් කලාපය" වැඩසටහන හේතුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.
උතුරු පළාතේ ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සහ නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ ප්‍රගති සමාලෝචන හා සැලසුම් සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර නාගලින්ගම් වේතානායහම් යන මහත්වරුන්ගේ සහාගීත්වයෙන් පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර කර්යාලයේදී පැවැත්විණි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත් කෙරිණි.
රාජ්‍ය ආයතන මගින් ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සැපයීමේදී ප්‍රමුඛතාව ලබා දීම සඳහා විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් විවිධ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන, අධිකරණ නඩු කටයුතු අවසන් වූ විශාල විෂ මත්ද්‍රව්‍ය තොගයක් අද (27) උදෑසන පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී නිල වශයෙන් දහනය කර විනාශ කළ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වන විට ශීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් මෙම 24,25 සහ 26 තෙදින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Page 4 of 759