අරගලය පැවති 2022 වසරේ මැයි 9 දා නිට්ටඹුව නගරයේදී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කෙරුණු නඩුවේ තීන්දුව අද (11) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙරට මලයගම් ප්‍රජාවගේ දිරාපත්වුණු පේළි නිවාස අලුත් වැඩියා කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ අටසිය විසිපහක (රු.82,566,020.00) වටිනාකමින් යුතු සෙවිලි තහඩු ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.
හානි වූ කර්මාන්ත සඳහා වන්දි ප්‍රදානයත් ඇරඹේ
මහනුවර - යාපනය මාර්ගයේ (A-009) මහයියාව උමං මාර්ගයෙහි ඉදිකිරීම් ඇරඹීම සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ඇරඹීම හෙට
ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිට 11 දා දක්වා සතියක කාලයක් පැය 24 පුරාම සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිව තිබේ.
ඉන්දියාවේ සිට වැඩම කරන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට සහ වන්දනා කර ආපසු නිවෙස් දක්වා ගමන් කිරීමට බලාපොරොත්තුවන සැදැහැවතුන් සඳහා දැනට ධාවනයවන දුම්රියවලට අමතරව තවත් දුම්රියන් ධාවනය කරවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි.
‘විෂ මත් ව්‍යසනය පරදන රටම එකට’ ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන හෙට (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය, ග්‍රෙගරි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවති.
සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා වන ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සියලු වෘත්තීය සමිතිවල එකඟතාව පළ කර ඇත.
ආබාධ සහිත කාන්තාවන් ඇතුළු ප්‍රජාවේ අයිතිවාසිකම්, අන්තර්කරණය සහ ජාතික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය (ආකාස) අතර පසුගියදා (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන දෙව්නි මෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙට (11) පෙරවරු 6.00න් අවසන් කර නැවත ඉන්දියාව බලා වැඩම කරවීමට නියමිත බැවින් අද (10) රාත්‍රී 10.00න් පසුව පෝලින්වලට එක්වීමෙන් වළකින ලෙස ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ.
අපේ රටේ ප්‍රධානතම ශක්තිය තිබෙන්නේ අපි එක්වන තැනයි
අද දේශපාලනයක්, දැක්මක් සහ දෘෂ්ටිවාදයක් තිබෙන්නේ ආණ්ඩුවට පමණයි
හදිසි නීතිය දීර්ඝ කිරීම යළි ගොඩනැඟිමේ වැඩපිළිවෙළ වේගවත් කිරීමට පමණයි : එය කිසිසේත් මර්දනීය උපකරණයක් ලෙස භාවිතා කරන්නේ නැහැ
-ජනපති මහනුවරදී
පරිසරය සුරැකීම දිනකට පමණක් සීමා නොකර එය දෛනික ජීවිතයේ කොටසක් බවට පත් කරගත යුතු බවත්, පරිසරය අමතක කර සිදු කරන සංවර්ධනයක් ලෝකයේ නොමැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබා දෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මැනවින් පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
Page 5 of 742