පේරාදෙණිය කළු පාලමට සමාන්තරව දුම්රිය ගමනාගමනය සඳහා නව පාලමක් ඉදිකිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඊට අදාළ සැලසුම් සහ නිර්මාණාත්මක ශිල්පී සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (02) කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකින් පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.
මෙම දුම්රිය මාර්ගයේ ඉදිකර තිබුණු පාලම් ඇතුළු ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මෙම දුම්රිය ගමන එක්ව සිටියේය.
ආපදා තත්ත්වයක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා කොටසේ දුම්රිය ධාවනය මාස 10ක පමණ කාලයක් අත්හිටුවා තිබීමෙන් පසුව මෙදින යළි දුම්රිය ධාවනය සිදු විය.