Thursday, October 01, 2026
Follow Us
පසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය පිළිබඳ රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කරලා

පසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යා නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කුරුවිට බන්ධනාගාරය තුළ ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.

ඒ අනුව අගොස්තු මාසය තුළ වාර්තා 9,061 ක් සහ සැප්තැම්බර් මාසය තුළ වාර්තා 8,445 ක් නිකුත් කිරීමට කටයුතු ඇත.

බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට හා ප්‍රජා විශෝදන පනත ඇතුළු අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව ද එහිදී අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.