රට ගොඩනැගීමට නම් අධ්‍යාපනය සඳහා වූ ආයෝජනයන් දිරිමත් කරමින් දියුණු මානව සම්පතක් නිර්මාණය කළ යුතුය යන විශ්වාසය රජය සතුව පවතින බවත්, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන රටේ ඉදිරි දැක්ම නිර්වචනය කරන වැඩසටහනක් බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.
අනාගත පරපුර වෙනුවෙන් අපේ රටේ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතුයි - ජනාධිපති ලේකම්
ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් පූජෝත්සවය සහ පෙරහැර මංගල්‍යය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කිරීමේ අරමුණින්, ඔවුන් සඳහාම වෙන් වූ ප්‍රමුඛතා බස් රථ සේවාවක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන මස සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළෙඳපොල කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර වෙරළ උද්‍යානයේදී අද(07) උදෑසන ආරම්භ විය .
කාන්තා ව්‍යවසායිකාවන් 300 කට පමණ වෙළඳපොල අවස්ථා ලබාදී ඇති මෙම ලිය සවිය කාන්තා ව්‍යසායකත්ව වෙළඳපොළ අද සහ හෙට යන දෙදින පුරා මාතර වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.
මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන එම අමාත්‍යංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂක ජී. අයි සජීවනී පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය .
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් ළමයින් ප්‍රවාහන රථ ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5කින් ගාස්තු ඉහළ නංවා තිබේ.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ අදහස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහන් මාලාවේ තෙවැන්න පසුගියදා (27) මඩකලපුව දිස්ත්‍රික්කයේදී සාර්ථකව පැවැත්විණි.
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන Youth Link Sri Lanka වැඩසටහන අද (05දා) පස්වරු 1.30ට මඩකලපුවේදී ආරම්භ වීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, පන්නිපිටිය රැක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහාවිහාරාධිපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් වහන්සේ අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
මෙරට 05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2026 හෙට (10) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්යාංශය දැනුම් දී තිබේ.
රුපියල් මිලියන 20ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ගල්ෆ් කලාපය ආසන්නයේ සහ ඒ ප්‍රදේශයේ ඇතිවී තිබෙන යුධමය වාතාවරණය මුල්කරගනිමින් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ අවධානයෙන් පසුවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
රජය මේ රට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙන යන්නට විශාල වැඩ කොටසක් සිදුකරමින් සිටින බවත්, ඒ නව යුගය වෙනුවෙන් ජනතාව වෙත පුළුල් සමාජීය මෙහෙවරක් සිදු කරන ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම ආගමික නායකයින්ගේ මඟපෙන්වීම, අනුශාසනා සහ උපකාර රජයට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Page 23 of 764