Friday, September 04, 2026
Follow Us
ජනපති මල්වතු මහා නාහිමි බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත ගොස් මහා විහාරවංශික ස්යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

 

උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස වෙත සිය ආශිර්වාදය පළ කළහ.
 
සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.