අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ බලා නැවත පැමිණීමට බස් රථ රැසක් අදත්(19) යෙදවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ගම් බිම් බලා පිටත්වීමට යෙදවූ බස් රථ, නැවත කොළඹ බලා පැමිණෙන මගීන් වෙනුවෙන් යොදවා තිබේ.
පෙරේදා (17) දිනය වනවිට බස් රථ 1,500කින් ගම්බිම් බලා ගිය මගීන් 59,000ක් නැවත කොළඹට රැගෙන ඇති බව ප්‍රකාශ කළ කොමිෂන් සභාව ඊයේ(18) සහ අද (19) දිනවල වැඩි මගී ඉල්ලුමක් ඇති විය හැකි බවට අපේක්ෂා කරයි.