රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි සිසුනට 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි සමස්ත ප්‍රමාණය බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි
ඒ අනුව රෙදි මීටර් මිලියන 11.484 ක් ප්‍රදානයක් ලෙස මහජන චීන සමූහාණ්ඩුව මගින් ලබා දුන් අතර සිසුන් 4,418,404 ක් සඳහා මේ වන විට සියලුම නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අවසන් කර ඇත.