නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව, මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් යලි ජාතික විදුලි පද්ධතියට එක් කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි පැවසුවේ.
ඉන්ධන බෙදා හැරීමේ ගැටළුව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට සිදුව තිබෙනවා. එමෙන්ම රට පුරා ඉන්ධන පිරවුම්හල් අසළ යලි දිගු වාහන පෝලිම් අද පෙරවරුවේ සිට දැකගත හැකි වුණා.
අරගලය මෙහෙයවූ ප්‍රධානම පිරිසගෙන් හානිය අයකර ගන්නා
ගාලුමුවදොර පිටියේ සතුටු වීමට අවසර තිබුණේද ඊට විරුද්ධ පැත්තේ පිහිටි බිමට දස වසරකට පෙර යන්නට කාටවත් අවසර තිබුණේ නැත. අවසර තිබුණා නම් ඒ සැප්තැම්බර් විසි හයවැනිදාට යෙදී තිබෙන බණ්ඩාරනායක ගුණ සැමරුව දා බණ්ඩාරනායක පිළිරුව අසලටම ගොස් පුෂ්පෝපහාර දක්වන්නට පමණි.
වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ (25) පැවති සාකච්ඡාව තරමක් උණුසුම් ස්වරූපයක් ගනු ලැබිණි.
දැනට වැඩ තහනමකට ලක්කර සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව නැවතත් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිත බව වාර්තා වේ.
මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය අවසන් වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග ශුන්‍යය වී තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියත් නිකේෂල හා බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළා.
රාජ්‍ය අංශයේ සිදුකළ ඉදිකිරීම් වෙනුවෙන් ලැබිය යුතු මුදල් මේ දක්වා නිසි පරිදි ගෙවා නොමැති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ මේ වන විට රාජ්‍ය අංශයේ ඉදිකිරීම් සියයට 70 කින් පමණ කඩාවැටී ඇති බවයි.
තමන් ඇණවුම් කළ ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබානොදෙන බව ඛණිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති කුසුම් සදනායක පැවසුවේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව යලිත් පෝලිම් හටගෙන ඇත්තේ මේ හේතුවෙන් බවයි.
Page 207 of 749