යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවද, මේ වනතෙක් ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් වී අලෙවි මණ්ඩලය වෙත ලැබී නොමැති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
කඩදාසි සහ මුද්‍රණ වියදම් ඉහළ යාම හමුවේ පාසල් වාර විභාග පැවැත්වීම බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
රජය මගින් යල කන්නයේ වී අස්වනු මිලදී ගත්තද මේ දක්වා ඇතැම් ගොවීන්ට ඊට අදාල ගෙවීම් සිදු කර නොමැති බව ගොවීන් පවසනවා. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ආරම්භ කළේ පසුගිය 18 වනදා සිටයි. එහෙත් මේ දක්වා එම ගොවීන්ට මුදල් නොගෙවීම හේතුවෙන් ඔවුන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ.
භාණ්ඩ 305 ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙරට මිලියන 05කට අධික පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක් පවතින බව සුළු හා මධ්‍යම පරිමාණ ස්වාධීන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
Page 206 of 749