ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් අද දිනයේ බස් ධාවනය සියයට 50 කින් පමණ අඩුවනු ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ ඉකුත් දින කිහිපයේ ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම මෙම තත්ත්වයට හේතුව බවයි.
ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ පිරිසක් විසින් ඊයේ අරගල ජාතික මධ්‍යස්ථානය නමින් සංවිධානයක් පිහිටුවා ගැනිණි. රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල නමින් එහි සමාරම්භක අවස්ථාව කොළඹ වොක්ෂෝල් වීදියේ ස්ථානයකදී පැවැත්විණි.
අද දිනයේද පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව උදෑසන කාලයේ පැයයි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදුකරනු ඇති. රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි 20 ක්.
බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 50ක් වශයෙන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීමට වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බව නීතීඥ නුවන් බෝපගේ පවසනවා.
Page 208 of 749