Sunday, October 25, 2026
Follow Us
මාතර - තලල්ල වෙරළ තීරයේ දී මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පොහොර උර සහ මලු අත්අඩංගුවට

මිරිස්ස වෙරළ ආරක්ෂක බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මාතර - තලල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය සහිත පොහොර උර 10 ක් හා ගමන් මලු 11 ක් සහ ධීවර බෝට්ටුවක් ඊයේ  (24) අත්අඩංගුවට ගෙන ඇත.

වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් තලල්ල - නාඔරුන්න මුහුදු තිරයේ නිරික්ෂණය කරන අතර තුර සැක කටයුතු බෝට්ටුවක් නිරික්ෂණය කිරිමේ දී සැක කරුවන් බෝට්ටුව අත හැර පලාගොස් තිබේ.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දකුණු දිසාව භාර නියෝජ්‍ය ආඥාපති වරයා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ද මෙම වැටලීම සදහා එකව ඇත.