Friday, March 29, 2024
Follow Us
රටේම ඉන්නෙ මී හරක් ලක්ෂ 8යි

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අලුත් සැලැස්මක්


ගවයන් ලක්ෂ 14 ක් රටේ සිටියද කිරි නිෂ්පාදනය විශාල ලෙස පහත වැටීම නිසා කිරි ගවයන් බෝ කිරීමට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් මව් සතුන් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම්කර ඇත. මෙරට තුළ කිරි ගවයන් බෝ කිරීම සඳහා මව් සතුන්ගේ හිඟකම දැඩි ලෙස උග්‍රවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරට තුළ මී හරක් ලක්ෂ අටක් පමණ සිටින බවද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කියයි.

මෙරට දේශගුණයට ඔරොත්තු දෙන කිරි ගවයන් ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිටියද, එම රටවල් මේ වන විට කිරි ගවයන් අපනයනය අත්හිටුවා ඇත. ඔස්ට්‍රේලියාව ආදී රටවල් ඉන්දියාවේ ගවයන්ගේ ජාන සොරකම්කර නව ගව ප්‍රභේද බිහි කිරීමට කටයුතු කිරීම නිසා ගවයන් අපනයනය නතර කර තිබේ.

එහෙත්, කිරි ගවයන් ආනයනය කර ගැනීමට මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භග්ලේ සමග කරන ලද සාකච්ඡා සාර්ථක වනු ඇතැයි ද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කීවේය.

පාකිස්තානයෙන් ද කිරි ගවයන් ලබා ගැනීම සඳහා මෙරට පාකිස්තානු තානාපතිවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

Aruna