ඉකුත් දින කිහිපයේ දිවයින පුරා අධික වර්ෂාවක් පැවතියද විදුලි කප්පාදුව සිදුකරන කාලසීමාව තවදුරටත් අඩු කිරීමට මේ මොහොතේ තීරණයක් ගෙන නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
අද දිනයේද ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි පැවසුවේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටින මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට 13 ඉදිරිපත් කර තිබෙනවා. ඒ, සැකකාරිය, රදවා සිටි වාට්ටුවේ ජංගම දුරකථනයක් සන්තකව තබා ගැනීමේ චෝදනාවට අදාළවයි.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවත් දින පහක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමනී ජයවර්ධන සඳහන් කළේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.
බිත්තර හා කුකුළු මස් මිල ගණන් මාස දෙකක් ඇතුළත අඩු කිරීමට හැකිවනු ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා. රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ සත්ව ආහාර ආනයනය කිරීමට බලපෑම් එල්ල වුණා.
ආනයනික තිරිඟු පිටි තොග මිල අඩු කිරීම හේතුවෙන් කොත්තුවක මිලද අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට රුපියල් 50කින් කොත්තුවක මිල අඩු කරන බවයි එම සංගමය පැවසුවේ. කෙසේවෙතත් පිටි ආශ්‍රිත සෙසු නිශ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සදහන් කළා. රුපියල් 500 සිට විවිධ මිල ගණන් යටතේ මේවනවිට කොත්තු අලෙවි කෙරෙනවා.
Page 183 of 749