Monday, September 15, 2025
Follow Us
මත්වන ටොෆි – ලොලිපොප් තොගයක් පානදුර වෙළෙදසැලක

පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට


නිශ්පාදිත රටක්, දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති මත්වන බවට සැකකරන කුඩා බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳ වටලා කුඩා බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් 55 ක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

දරුවන් මෙම බෝල සහ ලොලොපොප් වලට ඇබ්බැහි වී ඇති බව දෙමව්පියන් පිරිසක් කළ දැනුම් දීමකට අනුව වැටලීම කර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සරික්කම්මුල්ල සහ නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය පැවසීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

මෙම ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය පැවසීය.

පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Aruna