Monday, September 15, 2025
Follow Us
අතිසුඛෝපභෝගී ‘ශිෆ් ෆයිව්’ නෞකාව කොළඹ වරායට

2,000කට අධික සංචාරකයන් පිරිසක්


සචාරකයන් 2,000කට අධික සංචාරකයන් පිරිසක් රැගත් ‘ශිෆ් ෆයිව්’ නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

මෙම නෞකාව ලොව ඇති සුඛෝපභෝගී නෞකා අතරින් එකක් බව යි සැලකෙන්නේ.

නෞකාවේ කාර්‍ය මණ්ඩලයේ සේවකයන් ගණන 945ක් වන අතර, එහි මඟීන් 2534කට පහසුකම් සැපයෙන බව සඳහන්.

හෙට දිනයේ දී මෙම නෞකාවෙන් මෙරටට පැමිනෙන මගීන් සංඛ්‍යාව 2030ක්.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (28) පැවසුවේ, අතිබහුතරයක් වූ යුරෝපීය සංචාරකයන් රැසක් සමඟ පැමිණෙන මෙම නෞකාව, එහි විශාලත්වය හේතුවෙන් කොළඹ වරාය මඟී පර්යන්තයේ නැංගුරම් ලෑමට නො හැකි වනු ඇති බව යි.

Aruna