Monday, September 15, 2025
Follow Us
මාස 08 ක් තුළ වෛද්‍යවරුන් 500 ක් රට හැර යයි

පසුගිය මාස 08 ක කාල සීමාවක් තුළ වෛද්‍යවරුන් 500 කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සෞඛ්‍ය වෘත්තිකයින් රට හැරයාමේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවධානමක් පවතින බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කර තිබූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව විදෙස් ගතවන වෛද්‍යවරුන් අසාදු ලේඛණගත කර අදාළ රටවල් වෙත දන්වා යැවීමට අවශ්‍යවුවහොත් ඉදිරියේදී පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Neth