රට තුළ පවතින වාහනවල මිල ගණන් පහත ගොස් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේ පොලී අනුපාත ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙලෙස වාහන මිල ගණන් පහත වැටී ඇති බවයි.
මෙරට පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා පමණක්වත් සපුරා ගැනීමට වැය වන අවම වියදම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුවයි.
දේශිය එලවලු බීජ මිල සීග්‍රයෙන් ඉහළ යාම හා ප්‍රමිතියක් නොමැති බීජ හේතුවෙන් ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට පත්ව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දැරියකට පාසලේදී අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයකු හුංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පැවති වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය මාසයට සාපේක්ෂව මෙම මාසය තුළ මදුරු ඝණත්වය සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.
"මුහුණ දිහා බැලුවේ ඇයිදැයි " පවසමින් සිංහල විෂය උගන්වන පුස්තකාලය භාරව සිටින ගුරුතුමා පහර දුන්නැයි පවසමින් 15 හැවිරිදි සිසුවෙක් හොරණ මූලික රෝහල වෙත අද දින සවස ඇතුළත්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය සඳහන් කර සිටියි.
Page 171 of 749