Tuesday, April 23, 2024
Follow Us
මහජන ආරක්ෂක ඇමැතිගෙන් පොලීසියට උපදෙස් මාලාවක් 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් පෝෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් සහභාගි වූ විශේෂ  සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ති‌ේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම්, අපරාධ මර්දනය, ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට ලක් වූ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ද පොලිස් ස්ථාන 250 ක නිලධාරීන් සම්මන්ත්‍රණය සඳහා එක්ව සිටියහ. 

"මම කියන්න තියෙන ටික කියනවා. සමහර OICලට සමහර පොලිස් නිලධාරීන්ට ගෙදරට මස් මාළු ටික එවනවා. එළවලු ටික එවනවා. ඒවා වහාම නවත්වන්න. ඒවා ළමයින්ට කන්න දුන්නොත් ළමයින්ටත් හරියන්නේ නැහැ. මත්ද්‍රව්‍ය විකුණන අය එක්ක සම්බන්ධකම් පවත්වන්න එපා. මම මේ සියලු දේට බුද්ධි අංශ සහාය ලබාගන්නවා."